Pages

Thursday, October 13, 2011

Carnage [2011]


දෙමාපිය දෙපාර්ශවයක් තම දරුවන්ගෙ පාසලෙ ඇතිවූ ප්‍රශ්නයක් නිරාකරනය  කර ගැනීමට සුහද හමුවක් පවත්වයි . එහිදී සිදුවන අදහස්  හුවමාරුව  ඔවුන් පත් කරන නොසන්සුන්තාවය,  ඔවුන්ගෙ සිතෙ ඇත්වන  ක්‍රෝදය  පිළිබඳව අපූරු ලෙස කතාකරන චිත්‍රපටයක් ලෙස "Carnage" හැදින්විය හැක. සුප්‍රකට සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන රෝමන් පොලොන්ස්කි විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය  කර ඇත. ප්‍රවීන නිලියන් වන කේට් වින්ස්ලට් , ජූඩි  ෆෝස්ටර් විසින් රංගන දායකත්වය ලබාදී ඇති මෙම සිනමා පටය 2011 සැප්තැම්බර්   18 වනදා ඉතාලියෙදී ප්‍රතම වරට තිරගත කරන ලදි. 2011 දෙසැම්බර් 16 වනදින සිට  මෙම "Carnage" ලොවපුරා තිරගත  වීමට නියමිතයි.

Wednesday, October 12, 2011

The River Murders ගං තෙර අඹිරහස් [2011]


මිනීමැරුම් ගනනාවක් පසුපස හඹා යන අපරාධ පරීක්ෂකයෙකුට එම මිනීමැරුම් වල ප්‍රධාන සැකකරු තමා බවට පත් වෙයි . ඉන් ඔහුට ගලවිය හැකිවෙයිද ? නැත්නම් එම මිනීමැරුම් කලෙ ඔහුමද ? විසින් ප්‍රධාන චරිතය පනපොවන මෙම චිත්‍රපටය විනාඩි 90ක් පුර දිග හැරෙන අතර හොලිවුඩයෙ එතරම් ප්‍රසිද්දියක් මෙම චිත්‍රපටයට නොලැබුනත් ලංකාවෙ අපගෙ රුචිකත්වයට අනුවනම් මේ චිත්‍රපටය ඉතා හොඳ මට්ටමක පවතිනවා.
    

Tuesday, October 11, 2011

Colombiana කොලොම්බියනා [2011]

තම දෙනෙත් අබියස මවත් පියත් ඝාතනය කරන අයුරු දකින දියනියකට කුමක් සිතෙනවා අතිද ?  මරණයෙන් බේරී පලායන ඇය මුලු ජීවිතයම පළිගැනීම සදහා කැපකරයිද ?
මීට පෙර "La Femme Nikita   හා Leon the Professional
" චිත්‍රපට නිර්මානය කල අයවලුන් විසින්ම නිපදවනලද මෙම චිත්‍රපටය 2011 අගොස්තු මස 26 වනදා සිට ලොව පුරා ප්‍රදර්ශනය ඇරබුවා. පැයකුත් විනාඩි 48 පුරා දිග හැරෙන "" පලමු විනාඩියෙ සිටම ත්‍රාසයෙන් පිරි චිත්‍රපටයක් බව කිව යුතුය. Zoe Saldanaවිසින් ප්‍රධාන චරිතය නිරූපනය කරනු ලබන අතර Olivier Megaton
විසින් අධ්‍යක්ෂනය කර ඇත. 

 

Monday, October 10, 2011

Faces In The Crowd සැඟවුනු මුහුනු[2011]

මිනීමැරුම් ගනනාවක් කරමින් යන අයෙකුගෙ ග්‍රහනයෙන් මිදුනු ඇය ඉන් අනතුරුව මුහුනපාන්නෙ යම් මානසික රෝගී තත්වයකටය. ඇයට පෙනෙනෙ මුහුනුවල යම් යම් ඉඟි යම් යම් පුද්ගලයන්, යම් යම් මතකයන් විද්‍යාමන වෙයි. මිනීමැරුම් වල සුලමුල හෙලිකර ගන්න ඇයට හැකිවේද? "Faces In The Crowd" තුලින් නරබන්න . පූර්ව ප්‍රචාරකය පහත වීඩියොවෙන් බලන්න.

Sunday, September 18, 2011

ප්‍රතිභාව! The Prestige [2006]

සමීප මිතුරන් දෙදෙනකු වන මැජික් ශිල්පීන් දෙදෙනෙකු පසු කලක ප්‍රතිවාදීන් වී තම ප්‍රතිභාව උදෙසා මැජික් ශිල්පයත් ඊට අදාළ ප්‍රයෝගත් උපයෝගී කරගනිමින් තම ප්‍රතිමල්ලවයාව පරාජය කිරීමට ගන්නා උත්සහයක් මෙම චිත්‍රපටය තුලින් ඉදිරිපත් කෙරේ. හියු ජෙක්මන් හා ක්‍රිස්ටියන් බෙල් ප්‍රධාන චරිත පණපොවන මෙම  චිත්‍රපටය විනාඩි 173 ක් පුරා දිග හැරෙයි.