Pages

Monday, October 22, 2012

Dead Poets Society [1989]

දෙමාපිය උවමනා එපාකම් මත දරුවන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම, ඔබ අත් නොදුටු අත්දැකීමක් වන්නට නොහැකිය. දරුවන්ගේ හැකියාවන් නොහදුනාගෙන දෙමාපියන්ගේ කැමැත්තට, ඔවුන්ගේ කීර්තිය උදෙසා ජීවිතය වෙනස් කල බොහෝ දූපුතුන් ඔබ දන්නවා විය හැක. දෙමාපිය අවශ‍යතාවය පමනක් නොව පාසලේ ගුරුවර ගුරුවරියන්ගෙන්ද උවමනා එපාකම් මත ඉදිරියට යෑමට සමහර විට දරුවන්ට සිදුවේ. …

1989 වසරේ මුල් වරට තිරගතවුනු "Dead Poets Society" චිත්‍රපටය ඉහත කී එම බැමි කඩා බිඳ දමා දරුවන්ගේ හැකියාවන් ඉදිරියට ගෙන ඒමට තැත්දරන ගුරුවරයෙකු වටා ගෙතුන කතාවකි.

පාසැලට අලුතින් පත්වී එන ඉංග්‍රීසි ගුරුවරයා දෙමාපියන්ගේ කීර්තිය රැක ගැනීමේ පීඩනයෙන් මිරිකී සිටින තරුන සිසුන් පිරිසක් එම පීඩනයෙන් මුදවා ගැනීමට දරන තැත මෙම චිත්‍රපටයෙන් පෙන්වයි. 



Robin Williams ජෝන් කීටිං නම් ඉංග්‍රීසි ගුරුවරයා ලෙස ප්‍රබල රංගනයක යෙදෙන අතර Ethan Hawke,Robert Sean Leonard සෙසු චරිත රඟපායි. 1990 වසරේ හොඳම නලුවා හොඳම අධ්‍යක්ශනය හොඳම චිත්‍රපටය ලෙස ඇකඩමි සම්මාන සඳහා නිර්දෙශ වුනු අතර එම වසරේ හොඳම තිර නාටකය ලෙස Tom Schulman මෙම චිත්‍රපටය සඳහා ඇකඩමි සමාමානයෙන් පුදනු ලැබීය.
චිත්‍රපටයේ ප්‍රචාරක පටය මෙතනින් බලන්න




No comments:

Post a Comment

Download Link එකක් තියනවනම් දාමු බලන්න