Pages

Sunday, August 28, 2011

මනෝ ලෝකයෙන් ඔබ්බට Deja Vu [2006]


කිසිම දිනක ඔබ අත්නුදුටු යම් සිදුවීමක් ඔබට සමීප හුරුපුරුදු අත්විඳි සිදුවීමක් ලෙස දැනුනු අවස්ථා ඔබෙ ජීවිතයේ අනන්තවත් ඇති. deja vu ලෙස හඳුන්වන්නෙ එයයි.
නිව් ඔර්ලන්ඩ් නාවුක තටාංගනයේ සිදුවන බෝම්බ පිපිරීමකින් සියගනනක් ජීවිත විනාශවීයයි. FBI ආරක්ෂක අංශය හා එක්ව එහි පරික්ෂන සඳහා පැමිනෙනෙ ATF පරික්ෂක ඩග් නම් නිලදාරියාට මරාදමන ලද තරුණියක් හමුවේ. හුරුපුරුදු හෝඩුවාවන් ඔස්සේ හා සිදුවූ සිදුවීම් මාලාවේ යම් යම් ස්ථාන වෙනස් කල හැකිබව තේරුම් ගන්නා ඩග් අතීතය වෙනස් කිරීමට සැරසෙයි.
බැලූ බැල්මට විද්‍යා ප්‍රබන්ද ස්වරූපයක් ගත්තද, මෙහි ඊට හාත් පසින්ම වෙනස් තාත්වික කතාවක් ඉදිරිපත් කර ඇත. මුලු චිත්‍රපටියම නරඹා, එක් එක් චරිතය තුලින් එම චිත්‍රපටය දෙස බැලීමේදී, චිත්‍රපටයේ තේමාවට ගැලපෙන එක් චරිතයක් ඔබට මැවෙනු ඇත.
ටෝනි ස්කොට් විසින් අධ්‍යක්ෂනය කරන ලද මෙම චිත්‍රපටය ඩෙන්සිල් වොෂින්ටන් හා පෝලා පැටන් විසින් ප්‍රධාන චරිතවලින් හැඩ ගන්වා ඇත.
-------------------

Friday, August 26, 2011

මැඩිසින් ප්‍රාන්තයේ සුන්දර පාලම් The Bridges of Madison County [1995]



ජීවිතයේ සැඳෑසමයට ලංවෙමින් හිඳින රොබට් කින්කෙඩ් නම් ඡායාරූප ශිල්පියා මැඩිසින් ප්‍රාන්තය පුරා සැරිසරමින් ඔහුගෙ සිත්ගත් ඡායරූපගන්නා අතර ඔහුගේ සිත්නැවතෙන්නේ ඔහුගේම වයසේ ෆ්‍රන්චෙස්කා ජොන්සන් නම්වූ තැනැත්තියක් සමීපයෙහිය. දින 4ක ප්‍රෙමකතාවක් පසුබිම් කරගත් සංවේදී චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය හැදින්විය හැකිය. ඇකඩමි සම්මානලාභී ක්ලින්ට් ඊස්ට්වුඩ් හා ඇකඩමි සම්මානලාභී මෙරලි ස්ට්‍රිප් රගපාන මෙම චිත්‍රපටය මුල්වරට තිරගත වූයේ 1995 වසරදීය.

Wednesday, August 24, 2011

නො-හඳුනන්නෝ Unknown [2011]


Stars :Liam Neeson,Diane Kruger,January Jones
Director: Jaume Collet-Serra
Running Time :113 min
First Screening Date: 18 February 2011
ජීව විශේෂඥයෙකුවන මාටින් හැරිස් තම සුරූපී බිරිඳ සමග සම්මන්ත්‍රනයකට සහභාගීවීමට බර්ලින් නුවර බලා පිටත්වෙයි.තම බිරිඳ නවාතැන් ගන්නා හෝටලයට යන අතර දොස්තරවරයා තම බෑගය ගැනීම සඳහා ගුවන් තොටුපොල වෙත යයි.
එහි ගොස් එන අතරතුරදී සිදුවන රිය අනතුරකින් දින 4ක් සිහිමුර්ජාව සිටින දොස්තරවරයාට තම අනන්‍යතාවය පිළිබඳ ගැටලු රැසකට මුහුන දීමට සිදුවන්නේ මේ මොහොත වනවිට තම බිරිඳද තමාව නොහඳුනන බව පවසන බැවිනි.
කුතුහලයෙන් පිරි මෙම චිත්‍රපටය නරඹා දොස්තරවරයාට සිදුවන්නෙ කුමක්දැය් ඔබම වටහා ගන්න

මේ බ්ලොග් එක ගැන

වසර ගනනාවක් Movies එක්ක ඉඳලා DVD බලලා VIDEO Center එකක් කරලා තියන අත්දැකීම් වලින් ප්‍රයෝජනයක් ගන්න හිතුන නිසා මෙ බ්ලොග් එක පටන් ගත්තා. මම බලපු, මම අහපු හොඳ Movies ගැන විස්තර සහ පූර්ව ප්‍රචාරක පට මේ බ්ලොග් එකෙන් ඔයගොල්ලන්ට දැනගන්න පුලුවන්, Comment එකක් දාලා දිරිමත් කරනවානම් තව ඉදිරියෙදී ඔබ වෙත ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.