Pages

Showing posts with label Sc.Fiction. Show all posts
Showing posts with label Sc.Fiction. Show all posts

Sunday, May 6, 2012

The Forgotten [2004] අමතක මතක

තම නව හැවිරිදි පුතා ගුවන් අනතුරකින් අහිමිව ඒ දුක විඳිමින් සිටින මවක්. හිටි හැටියෙම ඇය අවට සිටින සැවොමගෙම දෝශාරොපනයට ලක්වන්නෙ ඇය යම් මානසික ව්‍යාකූලතාවයකට පත්ව ඇතැයි පැවසීමෙනි. ඇය සිටින්නෙ මනෝ විකාරාත්මක ලෝකයකැයි තම සැමියා පවා පවසයි. ඇය වැනිම තම දියනිය අහිමි වූ පියෙක් මුනගැහෙන ඇයට ඇගෙ ව්‍යාකූලතාවයට පිලියමක් ලබා ගත හැකිදැයි මේ චිත්‍රපටය නැරබීමෙන් ඔබට දැනගත හැක. 

Sunday, August 28, 2011

මනෝ ලෝකයෙන් ඔබ්බට Deja Vu [2006]


කිසිම දිනක ඔබ අත්නුදුටු යම් සිදුවීමක් ඔබට සමීප හුරුපුරුදු අත්විඳි සිදුවීමක් ලෙස දැනුනු අවස්ථා ඔබෙ ජීවිතයේ අනන්තවත් ඇති. deja vu ලෙස හඳුන්වන්නෙ එයයි.
නිව් ඔර්ලන්ඩ් නාවුක තටාංගනයේ සිදුවන බෝම්බ පිපිරීමකින් සියගනනක් ජීවිත විනාශවීයයි. FBI ආරක්ෂක අංශය හා එක්ව එහි පරික්ෂන සඳහා පැමිනෙනෙ ATF පරික්ෂක ඩග් නම් නිලදාරියාට මරාදමන ලද තරුණියක් හමුවේ. හුරුපුරුදු හෝඩුවාවන් ඔස්සේ හා සිදුවූ සිදුවීම් මාලාවේ යම් යම් ස්ථාන වෙනස් කල හැකිබව තේරුම් ගන්නා ඩග් අතීතය වෙනස් කිරීමට සැරසෙයි.
බැලූ බැල්මට විද්‍යා ප්‍රබන්ද ස්වරූපයක් ගත්තද, මෙහි ඊට හාත් පසින්ම වෙනස් තාත්වික කතාවක් ඉදිරිපත් කර ඇත. මුලු චිත්‍රපටියම නරඹා, එක් එක් චරිතය තුලින් එම චිත්‍රපටය දෙස බැලීමේදී, චිත්‍රපටයේ තේමාවට ගැලපෙන එක් චරිතයක් ඔබට මැවෙනු ඇත.
ටෝනි ස්කොට් විසින් අධ්‍යක්ෂනය කරන ලද මෙම චිත්‍රපටය ඩෙන්සිල් වොෂින්ටන් හා පෝලා පැටන් විසින් ප්‍රධාන චරිතවලින් හැඩ ගන්වා ඇත.
-------------------