Pages

Showing posts with label Jim Cavieze. Show all posts
Showing posts with label Jim Cavieze. Show all posts

Friday, October 19, 2012

Frequency [2000]

අහඹු වායුගෝලීය කැලබුමකින් වසර 30කට පෙර රේඩියො තරංග සංඛ්‍යාතයක් හා සම්බන්දවීමට රහස් පරීක්ශකයෙකුට හා ගිනිනිවනභටයෙකුට අවස්තාව උදාවේ. එකම ස්ථානයේ එකම රේඩියෝවෙන් සම්බන්දවන මොවුන් ඥාතීත්වය අතින් පියකු හා පුතෙකුවෙයි.
1969 හා 1999 යන කාල දෙකෙයි කතාව ගොඩ නැගෙන අතර අතීතයේ සිදුවන අමිහිරි සිදුවීම් සිදුවීම් නැතිකර ගැනීමට මේ පියා හා පුතා උත්සහා කරයි. ඔවුන්ගේ උත්සාහය සාර්තක වේ දැයි දැනගැනීමටනම් ඔබට මේ සිනමාපටය නැරබිය යුතුම වෙනවා. … …
Dennis Quaid පියා ලෙසටත් James(Jim) Caviezel පුතා ලෙසටත් මෙහි චරිත නිරූපනය කරයි 
 නිරුවත් හෝ අඩනිරුවත් දර්ශන මෙම චිත්‍රපටයේ අඩංගු නොවේ මත් පැන් හා දුම් පානය කරන දර්ශන කීපයක් ඇතුලත්වන අතර පවුලේ සැමට හිඳ නැරබිය හැකි චිත්‍රපටයක් ලෙස මෙය හැන්දින්විය හැක. … …
විත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මතනින් බලන්න