Pages

Showing posts with label Mystery. Show all posts
Showing posts with label Mystery. Show all posts

Wednesday, November 30, 2011

The Sixth Sense [1999]



මැල්කම් ක්‍රෝ නම් මනෝවිද්‍යාඥයෙකු හා කෝල් නම් හත් හැවිරිදි කුඩා දරුවෙකු වටා ගෙතුනු මෙම චිත්‍රපටය පලමු විනාඩියෙ සිට අවසන් තත්පරය දක්වාම නැරබිය යුතුම චිත්‍රපටයකි. ‍‍

මානසික වෛද්‍යවරයාගෙ අසාර්ථක වූ රෝගී තරුනයෙකු ගෙන් සිනමාපටය ඇරඹෙයි. ඉන් පසු හැම තත්පරයක්ම ගෙවීයන්නෙ වෛද්‍යවරයා හා කුඩා දරුවා සමගය. අසාමාන්‍ය මානසික රෝගයකට ගොදුරුවීසිටින කෝල් නම් එම දරුවාට ඇති මානසික ව්‍යාකූල තාවය වන්නෙ, මියගිය ආත්මයන් පැමින ඔහුගෙන් උදව් ඉල්ලා සිටිමයි. අවසානයෙ වෛද්‍යවරයාහට සියල්ල තෙරුම් කරදී තම ව්‍යාකූලතත්වයෙන් මිදීමට කෝල් ගන්නා උත්සාහය මෙම සිනමාපටයෙන් ඉදිරිපත් කෙරේ. 

විනාඩි 107ක් තුල දිගහැරෙන මෙම චිත්‍රපටය පලමු විනාඩි 102 තුලම ප්‍රක්ෂකයා තුල ඇල්මැරුන තත්වයක් පෙන්වුවත් අවසන් විනාඩි 5 තුලදී නැවත වරක් සිනමා පටය මුලසිට නැරබීමට ඔබ සිත යොමු කරනවාට සැක නැත. …

Bruce Willis, Haley Joel Osment විසින් ප්‍රදාන චරිත නිරූපනය කරන "The Sixth Sence" හි තිර පිටපත ලියා අධ්‍යක්ශනය කලේ ඉන්දියානු සිනමාකරුවෙකු වන M. Night Shyamalan විසිනි. 1999 වසරෙ හොඳම අධ්‍යක්ශනයට හිමි "ඇකඩමි" සම්මානය මෙම චිත්‍රපටයට හිමි නොවී "American Beauty" චිත්‍රපටයට හිමිවුයේ Night Shyamalan ඉන්දියානුවෙකු වීම බව මගෙ හැගීමයි. 
 

Wednesday, November 16, 2011

City of Angels සුරගන අඩවිය [1998]

ජීවත්වන අප කාටත් සුරදූතයන් උද්ව් කරන බවපෙන්වන මෙමෙ සිනමාපටය ඉතා සංවෙදී නිර්මානයක් බැවු නොකියාම බැරිය. වෛද්‍යවරවරියකට සහය දෙන සුරදූතයෙක් ඇය සමග පෙමින් වෙලෙයි. අවසන ඔහුට මනුශ්‍ය ලොවට පැමිනීමට සිතෙයි. ඉතා සුන්දර තෙමාවක් ඔස්සෙ දිගහැරෙන මෙමෙ චිත්‍රපටය එක දිගටම අවසන් වනතුරු නරඹන්නෙනම් මැනවි.

Sunday, October 16, 2011

The Others අනිත් අය [2001]



සැමියා යුද්ධයට ගොස් නැවත නොපැමිනීමෙන් සිත් තැවුලට පත් ග්‍රේස්, හිරු එළියට යම් අසාත්මික තාවයක් දක්වන තම දරු දෙදෙනා සමග ඇයම සාදාගත් නීති මාලාවක් තුල සුවිසල් නිවසෙ ජීවත් වෙයි. අලුත පැමිනෙන මෙහෙකරුවන් තිදෙනා නිසා එම නිවසෙ යම් වෙනසක් ඇතිවෙ. ඇගෙ දියනිය එම නිවසෙ  "වික්ටර්" නම් තවත් දරුවෙකු සිටින බව පවසයි. එම මෙහෙකාරිය විසින් ග්‍රේස්ට  යම් යම් දෑ එත්තු ගැන්වීමට සැරසෙන අතර මෙම නිවසෙ අත්භූතබව එන්න එන්නම  වැඩිවෙ

අවසන් තත්පරය දක්වාම නැරඹියයුතු චිත්‍රපටයක් වන මෙහි ග්‍රේස් චරිතයට නිකොලී කිඩ්මන් විසින් රංගන දායකත්වය ලබා දෙයි.. 2001 වසරේදී ප්‍රතම වරට තිරගතකරන ලද මෙම චිත්‍රපටය ශ්‍රි ලාංකික ප්‍රෙක්ෂකයන්ට  ඉතා හොඳ සිනමා පටයක් ලෙස හැඳින් විය හැක. 




  



Wednesday, October 12, 2011

The River Murders ගං තෙර අඹිරහස් [2011]


මිනීමැරුම් ගනනාවක් පසුපස හඹා යන අපරාධ පරීක්ෂකයෙකුට එම මිනීමැරුම් වල ප්‍රධාන සැකකරු තමා බවට පත් වෙයි . ඉන් ඔහුට ගලවිය හැකිවෙයිද ? නැත්නම් එම මිනීමැරුම් කලෙ ඔහුමද ? විසින් ප්‍රධාන චරිතය පනපොවන මෙම චිත්‍රපටය විනාඩි 90ක් පුර දිග හැරෙන අතර හොලිවුඩයෙ එතරම් ප්‍රසිද්දියක් මෙම චිත්‍රපටයට නොලැබුනත් ලංකාවෙ අපගෙ රුචිකත්වයට අනුවනම් මේ චිත්‍රපටය ඉතා හොඳ මට්ටමක පවතිනවා.
    

Sunday, September 18, 2011

ප්‍රතිභාව! The Prestige [2006]

සමීප මිතුරන් දෙදෙනකු වන මැජික් ශිල්පීන් දෙදෙනෙකු පසු කලක ප්‍රතිවාදීන් වී තම ප්‍රතිභාව උදෙසා මැජික් ශිල්පයත් ඊට අදාළ ප්‍රයෝගත් උපයෝගී කරගනිමින් තම ප්‍රතිමල්ලවයාව පරාජය කිරීමට ගන්නා උත්සහයක් මෙම චිත්‍රපටය තුලින් ඉදිරිපත් කෙරේ. හියු ජෙක්මන් හා ක්‍රිස්ටියන් බෙල් ප්‍රධාන චරිත පණපොවන මෙම  චිත්‍රපටය විනාඩි 173 ක් පුරා දිග හැරෙයි. 

Wednesday, August 24, 2011

නො-හඳුනන්නෝ Unknown [2011]


Stars :Liam Neeson,Diane Kruger,January Jones
Director: Jaume Collet-Serra
Running Time :113 min
First Screening Date: 18 February 2011
ජීව විශේෂඥයෙකුවන මාටින් හැරිස් තම සුරූපී බිරිඳ සමග සම්මන්ත්‍රනයකට සහභාගීවීමට බර්ලින් නුවර බලා පිටත්වෙයි.තම බිරිඳ නවාතැන් ගන්නා හෝටලයට යන අතර දොස්තරවරයා තම බෑගය ගැනීම සඳහා ගුවන් තොටුපොල වෙත යයි.
එහි ගොස් එන අතරතුරදී සිදුවන රිය අනතුරකින් දින 4ක් සිහිමුර්ජාව සිටින දොස්තරවරයාට තම අනන්‍යතාවය පිළිබඳ ගැටලු රැසකට මුහුන දීමට සිදුවන්නේ මේ මොහොත වනවිට තම බිරිඳද තමාව නොහඳුනන බව පවසන බැවිනි.
කුතුහලයෙන් පිරි මෙම චිත්‍රපටය නරඹා දොස්තරවරයාට සිදුවන්නෙ කුමක්දැය් ඔබම වටහා ගන්න