Pages

Tuesday, December 16, 2014

The Equalizer [2014]

විනාඩි 132ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය ඩෙන්සිල් වොශින්ටන් රඟපෑ ත්‍රාසයෙන් පිරි අනර්ග චිත්‍රපටයක්. අතීතය අමතක කර නව ජීවිතයක් ගතකිරීමට යන පුද්ගලයෙක්, රුසියානු පාතාල සාමාජිකයන් රැලක්, ගණිකා වෘත්තියට යොමුවුන තරුණියක් වටා ගෙතුන මෙම චිත්‍රපටය ත්‍රාසජනක චිත්‍රපට බලන ඔබ අනිවාර්‍යයෙන්ම නැරබිය යුතු චිත්‍රපටියකි.



  චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය බලන්න 






Friday, June 14, 2013

The Call [2013]

විනාඩි 94ක් පුරා ත්‍රාසයෙන් කුතුහලයෙන් පිරි ලොවක සිරකිරීමට The Call චිත්‍රපටය සමත්වෙයි. Halle Berry, Abigail Breslin රඟන මෙමෙ චිත්‍රපටයේ තෙමාව වන්නෙ පැහැරගත් තරුනියක විසින් දෙන 911 හදිසි ඇමතුමකි. එම ඇමතුම හා සම්බන්ද සමාන්තර මිනීමැරුම් ගනනාවක් ඇතිබව ඇමතුම ලබා ගනාට වැටහෙයි.



 … … චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය බලන්න 






Tuesday, December 11, 2012

Jack Frost [1998]

රිය අනතුරකින් මියයන ගායකයෙකු හිම මිනිසෙකුවී තමන්ට නැතිවී ගිය පිය සෙනෙහස සොයා එන අනුවේදනීය කතාවක් ලෙස මෙමම් සිනමා පටය හැඳින්වීමට පුලුවන. 1998 වසරේදි මුල්වරට තිරගතවුන මෙම චිත්‍රපටය සංවේදී හිතැත්තන්ට කදිම චිත්‍රපටයකි. 

මෙහි රංගන දායකත්වයෙන් Michael Keaton, Kelly Preston සහ Joseph Crossද අධ්‍යක්ශනය Troy Miller විසිනි. ලොකු කුඩා කාහටත් වින්දනාත්මක රසයක් ලබාදෙන මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේතනින් බලන්න
 
 

Thursday, October 25, 2012

The Sleeping Dictionary [2003]



බ්දකෝශයක් අවශ්‍යවන්නේ භාශාවක් දැනගැනීමටය.භාශාව දන්නෙනම් බස හුරුවූවෝ හැසිරවිය හැකිය. ඔවුන්හා ගනුදෙනු කල හැකිය 

 බ්‍රිතාන්‍යයන්ගේ පාලනයේ ඇති කොලනියක නායකත්වය පැවරීමට එම කොලනියේ භාශාව දැන සිටින කෙනෙකු තෝරාගත යුතුය. භාශාව ඉගනගැනීමට පරිවර්තකයෙකු නැතහොත් ශබ්දකෝශයක් ලෙස සුරූපිනියක් පරිවාස විවාහයක් ලෙස තෝරාගන්නා පාලකයාට ලැබේ. 

පරිවාස විවාහය අවසන් වියයුතුවුවත් එය ආදරයකට පෙරලීමන් සියල්ල වෙනස් වෙයි.  

චිත්‍රපටයේ සාරාංශය මෙයයි Jessica Alba සලීමා නම් රූමත් ගැමි තරුනිය ලෙසත් Hugh Dancy තරුණ පාලකයා ලෙසත් රගපාන මෙම චිත්‍රපටය වැඩිහිටියන් සඳහාම වූ සුන්දර ආදර කතාවක්.

පූර්ව ප්‍රචාරක පටය මෙතනින් බලන්න












Monday, October 22, 2012

Dead Poets Society [1989]

දෙමාපිය උවමනා එපාකම් මත දරුවන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම, ඔබ අත් නොදුටු අත්දැකීමක් වන්නට නොහැකිය. දරුවන්ගේ හැකියාවන් නොහදුනාගෙන දෙමාපියන්ගේ කැමැත්තට, ඔවුන්ගේ කීර්තිය උදෙසා ජීවිතය වෙනස් කල බොහෝ දූපුතුන් ඔබ දන්නවා විය හැක. දෙමාපිය අවශ‍යතාවය පමනක් නොව පාසලේ ගුරුවර ගුරුවරියන්ගෙන්ද උවමනා එපාකම් මත ඉදිරියට යෑමට සමහර විට දරුවන්ට සිදුවේ. …

1989 වසරේ මුල් වරට තිරගතවුනු "Dead Poets Society" චිත්‍රපටය ඉහත කී එම බැමි කඩා බිඳ දමා දරුවන්ගේ හැකියාවන් ඉදිරියට ගෙන ඒමට තැත්දරන ගුරුවරයෙකු වටා ගෙතුන කතාවකි.

පාසැලට අලුතින් පත්වී එන ඉංග්‍රීසි ගුරුවරයා දෙමාපියන්ගේ කීර්තිය රැක ගැනීමේ පීඩනයෙන් මිරිකී සිටින තරුන සිසුන් පිරිසක් එම පීඩනයෙන් මුදවා ගැනීමට දරන තැත මෙම චිත්‍රපටයෙන් පෙන්වයි. 



Robin Williams ජෝන් කීටිං නම් ඉංග්‍රීසි ගුරුවරයා ලෙස ප්‍රබල රංගනයක යෙදෙන අතර Ethan Hawke,Robert Sean Leonard සෙසු චරිත රඟපායි. 1990 වසරේ හොඳම නලුවා හොඳම අධ්‍යක්ශනය හොඳම චිත්‍රපටය ලෙස ඇකඩමි සම්මාන සඳහා නිර්දෙශ වුනු අතර එම වසරේ හොඳම තිර නාටකය ලෙස Tom Schulman මෙම චිත්‍රපටය සඳහා ඇකඩමි සමාමානයෙන් පුදනු ලැබීය.
චිත්‍රපටයේ ප්‍රචාරක පටය මෙතනින් බලන්න