Pages

Sunday, May 6, 2012

The Forgotten [2004] අමතක මතක

තම නව හැවිරිදි පුතා ගුවන් අනතුරකින් අහිමිව ඒ දුක විඳිමින් සිටින මවක්. හිටි හැටියෙම ඇය අවට සිටින සැවොමගෙම දෝශාරොපනයට ලක්වන්නෙ ඇය යම් මානසික ව්‍යාකූලතාවයකට පත්ව ඇතැයි පැවසීමෙනි. ඇය සිටින්නෙ මනෝ විකාරාත්මක ලෝකයකැයි තම සැමියා පවා පවසයි. ඇය වැනිම තම දියනිය අහිමි වූ පියෙක් මුනගැහෙන ඇයට ඇගෙ ව්‍යාකූලතාවයට පිලියමක් ලබා ගත හැකිදැයි මේ චිත්‍රපටය නැරබීමෙන් ඔබට දැනගත හැක. 



පුරා විනාඩි 91ක් නැතහොත් පැය 1 1/2 පුරා දිවෙන මෙම චිත්‍රපටය පලමු විනාඩි 15-20 අතරතුර ඉතා සංකීර්නවූත් කිසිම තෙරුමක් නැති ස්වරූපයක් ගත්තත් පලමු විනාඩි 20 අවසන් වනවිට ඔබව එම චිත්‍රපටයෙ ගැබුරෙම ඇද බැඳ ගැනීමට අධ්‍යක්ශකවරයා සමත් වෙයි. 

මවකගෙ සෙනෙහස ගැන අමුතුම ආකාරයකට කතාකරන චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය හැඳින්වෙය හැක. 

Joseph Ruben විසින් අධ්‍යක්ශනය කරන ලද "The Forgotten" චිත්‍රපටයෙ Julianne Moore, Dominic West සහ Christopher Kovaleski ප්‍රධාන චරිත නිරූපනය කරයි. 


වැඩිහිටියනට මෙන්ම ළමයින්ටද එකට නැරඹිය හැකි ලෙස මෙ චිත්‍රපටය තනා ඇත.





No comments:

Post a Comment

Download Link එකක් තියනවනම් දාමු බලන්න