Pages

Wednesday, November 30, 2011

The Sixth Sense [1999]



මැල්කම් ක්‍රෝ නම් මනෝවිද්‍යාඥයෙකු හා කෝල් නම් හත් හැවිරිදි කුඩා දරුවෙකු වටා ගෙතුනු මෙම චිත්‍රපටය පලමු විනාඩියෙ සිට අවසන් තත්පරය දක්වාම නැරබිය යුතුම චිත්‍රපටයකි. ‍‍

මානසික වෛද්‍යවරයාගෙ අසාර්ථක වූ රෝගී තරුනයෙකු ගෙන් සිනමාපටය ඇරඹෙයි. ඉන් පසු හැම තත්පරයක්ම ගෙවීයන්නෙ වෛද්‍යවරයා හා කුඩා දරුවා සමගය. අසාමාන්‍ය මානසික රෝගයකට ගොදුරුවීසිටින කෝල් නම් එම දරුවාට ඇති මානසික ව්‍යාකූල තාවය වන්නෙ, මියගිය ආත්මයන් පැමින ඔහුගෙන් උදව් ඉල්ලා සිටිමයි. අවසානයෙ වෛද්‍යවරයාහට සියල්ල තෙරුම් කරදී තම ව්‍යාකූලතත්වයෙන් මිදීමට කෝල් ගන්නා උත්සාහය මෙම සිනමාපටයෙන් ඉදිරිපත් කෙරේ. 

විනාඩි 107ක් තුල දිගහැරෙන මෙම චිත්‍රපටය පලමු විනාඩි 102 තුලම ප්‍රක්ෂකයා තුල ඇල්මැරුන තත්වයක් පෙන්වුවත් අවසන් විනාඩි 5 තුලදී නැවත වරක් සිනමා පටය මුලසිට නැරබීමට ඔබ සිත යොමු කරනවාට සැක නැත. …

Bruce Willis, Haley Joel Osment විසින් ප්‍රදාන චරිත නිරූපනය කරන "The Sixth Sence" හි තිර පිටපත ලියා අධ්‍යක්ශනය කලේ ඉන්දියානු සිනමාකරුවෙකු වන M. Night Shyamalan විසිනි. 1999 වසරෙ හොඳම අධ්‍යක්ශනයට හිමි "ඇකඩමි" සම්මානය මෙම චිත්‍රපටයට හිමි නොවී "American Beauty" චිත්‍රපටයට හිමිවුයේ Night Shyamalan ඉන්දියානුවෙකු වීම බව මගෙ හැගීමයි. 
 

1 comment:

Download Link එකක් තියනවනම් දාමු බලන්න