Pages

Wednesday, November 30, 2011

The Sixth Sense [1999]



මැල්කම් ක්‍රෝ නම් මනෝවිද්‍යාඥයෙකු හා කෝල් නම් හත් හැවිරිදි කුඩා දරුවෙකු වටා ගෙතුනු මෙම චිත්‍රපටය පලමු විනාඩියෙ සිට අවසන් තත්පරය දක්වාම නැරබිය යුතුම චිත්‍රපටයකි. ‍‍

මානසික වෛද්‍යවරයාගෙ අසාර්ථක වූ රෝගී තරුනයෙකු ගෙන් සිනමාපටය ඇරඹෙයි. ඉන් පසු හැම තත්පරයක්ම ගෙවීයන්නෙ වෛද්‍යවරයා හා කුඩා දරුවා සමගය. අසාමාන්‍ය මානසික රෝගයකට ගොදුරුවීසිටින කෝල් නම් එම දරුවාට ඇති මානසික ව්‍යාකූල තාවය වන්නෙ, මියගිය ආත්මයන් පැමින ඔහුගෙන් උදව් ඉල්ලා සිටිමයි. අවසානයෙ වෛද්‍යවරයාහට සියල්ල තෙරුම් කරදී තම ව්‍යාකූලතත්වයෙන් මිදීමට කෝල් ගන්නා උත්සාහය මෙම සිනමාපටයෙන් ඉදිරිපත් කෙරේ. 

විනාඩි 107ක් තුල දිගහැරෙන මෙම චිත්‍රපටය පලමු විනාඩි 102 තුලම ප්‍රක්ෂකයා තුල ඇල්මැරුන තත්වයක් පෙන්වුවත් අවසන් විනාඩි 5 තුලදී නැවත වරක් සිනමා පටය මුලසිට නැරබීමට ඔබ සිත යොමු කරනවාට සැක නැත. …

Bruce Willis, Haley Joel Osment විසින් ප්‍රදාන චරිත නිරූපනය කරන "The Sixth Sence" හි තිර පිටපත ලියා අධ්‍යක්ශනය කලේ ඉන්දියානු සිනමාකරුවෙකු වන M. Night Shyamalan විසිනි. 1999 වසරෙ හොඳම අධ්‍යක්ශනයට හිමි "ඇකඩමි" සම්මානය මෙම චිත්‍රපටයට හිමි නොවී "American Beauty" චිත්‍රපටයට හිමිවුයේ Night Shyamalan ඉන්දියානුවෙකු වීම බව මගෙ හැගීමයි. 
 

Friday, November 25, 2011

Pay it forward [2000]

ගොල්ඩ් කොයින් උගුල ගැන ඔබට අමුතුවෙන් කියන්න උවමනා නෑනෙ. එම සංකල්පයම යොදා ගනිමින් නිපදවනලද මෙම සිනමාපටය හද සසල කරන සිදුවීම් ඔස්සෙ දිග හැරෙයි. 

  පිය සෙනෙහස අහිමි දරුවෙකු තම ගුරුවරයාගෙ මග පෙන්වීමෙන් ලොකය වඩා හොඳ තැනකට ගෙන ඒමට දරන තැතක් මෙමෙ සිනමාපටයෙන් ඉදිරිපත් කෙරෙ.
Kevin Spacey, Haley Joel Osment සහ Helen Hunt විසින් ප්‍රදාන චරිත මෙහෙයවයි. 


Thursday, November 17, 2011

I am Sam ඒ මාගෙ ලොවයි [2002]


මානසික ආබාධයකින් පෙලෙන ඔහු,  තම 7 හැවිරිදි දියනියගෙ භාරකාරිත්වය ලබාගැනීමට වෙර දැරීමත් සමාජය විසින් එය කෲර ලෙස අහිමි කරවීමත් පිළිබඳව ගෙතුනු අපූර්ව සිනමා නිර්මානයක් ලෙස "I am Sam " නම් කල හැකිය. 
 Sean Penn, Michelle Pfeiffer සහ Dakota Fanning ප්‍රදාන චරිත නිරූපනය කරන මෙහි පියෙකු හා දියනියක අතර ඇති බැඳීම ඉතා සංකීර්න ලෙස ඉස්මතු කරෙ.
 …2002 වසරෙදී හොඳම නළුවා ලෙස ෂෙන් පෙන් ඔස්කාර් සම්මානය මෙම චිත්‍රපටයෙ මානසික ආබාධයක් සහිත පියාගෙ චරිතය වෙනුවෙන් හිමිකරගන්නා ලදි. 

Wednesday, November 16, 2011

City of Angels සුරගන අඩවිය [1998]

ජීවත්වන අප කාටත් සුරදූතයන් උද්ව් කරන බවපෙන්වන මෙමෙ සිනමාපටය ඉතා සංවෙදී නිර්මානයක් බැවු නොකියාම බැරිය. වෛද්‍යවරවරියකට සහය දෙන සුරදූතයෙක් ඇය සමග පෙමින් වෙලෙයි. අවසන ඔහුට මනුශ්‍ය ලොවට පැමිනීමට සිතෙයි. ඉතා සුන්දර තෙමාවක් ඔස්සෙ දිගහැරෙන මෙමෙ චිත්‍රපටය එක දිගටම අවසන් වනතුරු නරඹන්නෙනම් මැනවි.

Monday, October 17, 2011

Green Mile හරිත සැතපුම [1999]

කුඩා දැරියන් දෙදෙනෙකු අමානුශික ලෙස මරා දැමීමට වැරදි කරුකොට මරනීය දණ්ඬනයට ලක්ව සිටින ජෝන් කොෆී නම් කලු ජාතිකයාට රෝග සුවකිරීමෙ බලයක් හිමිය. ඔහු රඳවා තබා සිටින සිරගෙයි රැකවලුන් අතර සිටින පෝල් නම් භාරකරුගෙ කුඩා කල සිට පැවති මුත්‍රා රෝගයක් සුවකිරීමෙන්, ජෝන් කොෆී කෙරෙහි දැඩි භක්තියක් මෙන්ම විස්වාසයක් පෝල් තුල හටගනී. නමුත් පෝල්ට ජෝන් නිදහස් කරගැනීමෙ හැකියාවක් නොමැත. 1999 දී තිරගතවුනු "Green Mile හරිත සැතපුම" සිනමා පටය ඔබ නරඹා තිබියයුතුම චිත්‍රපටයකි. ටොම් හෑන්ක්ස් පෝල් ගෙ චරිතයට්ත් මයිකල් ක්ලාක් ඩන්කන් , ජෝන් චරිතයටහ් පන පොවයි. පැය 3 කට අධික කාලයක් තිරගතවෙන මෙම චිත්‍රපටය විවෙකී වෙලාවක එක දිගට
නරබන්නෙනම් මැනවි.