Pages

Tuesday, December 11, 2012

Jack Frost [1998]

රිය අනතුරකින් මියයන ගායකයෙකු හිම මිනිසෙකුවී තමන්ට නැතිවී ගිය පිය සෙනෙහස සොයා එන අනුවේදනීය කතාවක් ලෙස මෙමම් සිනමා පටය හැඳින්වීමට පුලුවන. 1998 වසරේදි මුල්වරට තිරගතවුන මෙම චිත්‍රපටය සංවේදී හිතැත්තන්ට කදිම චිත්‍රපටයකි. 

මෙහි රංගන දායකත්වයෙන් Michael Keaton, Kelly Preston සහ Joseph Crossද අධ්‍යක්ශනය Troy Miller විසිනි. ලොකු කුඩා කාහටත් වින්දනාත්මක රසයක් ලබාදෙන මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේතනින් බලන්න
 
 

Thursday, October 25, 2012

The Sleeping Dictionary [2003]



බ්දකෝශයක් අවශ්‍යවන්නේ භාශාවක් දැනගැනීමටය.භාශාව දන්නෙනම් බස හුරුවූවෝ හැසිරවිය හැකිය. ඔවුන්හා ගනුදෙනු කල හැකිය 

 බ්‍රිතාන්‍යයන්ගේ පාලනයේ ඇති කොලනියක නායකත්වය පැවරීමට එම කොලනියේ භාශාව දැන සිටින කෙනෙකු තෝරාගත යුතුය. භාශාව ඉගනගැනීමට පරිවර්තකයෙකු නැතහොත් ශබ්දකෝශයක් ලෙස සුරූපිනියක් පරිවාස විවාහයක් ලෙස තෝරාගන්නා පාලකයාට ලැබේ. 

පරිවාස විවාහය අවසන් වියයුතුවුවත් එය ආදරයකට පෙරලීමන් සියල්ල වෙනස් වෙයි.  

චිත්‍රපටයේ සාරාංශය මෙයයි Jessica Alba සලීමා නම් රූමත් ගැමි තරුනිය ලෙසත් Hugh Dancy තරුණ පාලකයා ලෙසත් රගපාන මෙම චිත්‍රපටය වැඩිහිටියන් සඳහාම වූ සුන්දර ආදර කතාවක්.

පූර්ව ප්‍රචාරක පටය මෙතනින් බලන්න












Monday, October 22, 2012

Dead Poets Society [1989]

දෙමාපිය උවමනා එපාකම් මත දරුවන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම, ඔබ අත් නොදුටු අත්දැකීමක් වන්නට නොහැකිය. දරුවන්ගේ හැකියාවන් නොහදුනාගෙන දෙමාපියන්ගේ කැමැත්තට, ඔවුන්ගේ කීර්තිය උදෙසා ජීවිතය වෙනස් කල බොහෝ දූපුතුන් ඔබ දන්නවා විය හැක. දෙමාපිය අවශ‍යතාවය පමනක් නොව පාසලේ ගුරුවර ගුරුවරියන්ගෙන්ද උවමනා එපාකම් මත ඉදිරියට යෑමට සමහර විට දරුවන්ට සිදුවේ. …

1989 වසරේ මුල් වරට තිරගතවුනු "Dead Poets Society" චිත්‍රපටය ඉහත කී එම බැමි කඩා බිඳ දමා දරුවන්ගේ හැකියාවන් ඉදිරියට ගෙන ඒමට තැත්දරන ගුරුවරයෙකු වටා ගෙතුන කතාවකි.

පාසැලට අලුතින් පත්වී එන ඉංග්‍රීසි ගුරුවරයා දෙමාපියන්ගේ කීර්තිය රැක ගැනීමේ පීඩනයෙන් මිරිකී සිටින තරුන සිසුන් පිරිසක් එම පීඩනයෙන් මුදවා ගැනීමට දරන තැත මෙම චිත්‍රපටයෙන් පෙන්වයි. 



Robin Williams ජෝන් කීටිං නම් ඉංග්‍රීසි ගුරුවරයා ලෙස ප්‍රබල රංගනයක යෙදෙන අතර Ethan Hawke,Robert Sean Leonard සෙසු චරිත රඟපායි. 1990 වසරේ හොඳම නලුවා හොඳම අධ්‍යක්ශනය හොඳම චිත්‍රපටය ලෙස ඇකඩමි සම්මාන සඳහා නිර්දෙශ වුනු අතර එම වසරේ හොඳම තිර නාටකය ලෙස Tom Schulman මෙම චිත්‍රපටය සඳහා ඇකඩමි සමාමානයෙන් පුදනු ලැබීය.
චිත්‍රපටයේ ප්‍රචාරක පටය මෙතනින් බලන්න




Friday, October 19, 2012

Frequency [2000]

අහඹු වායුගෝලීය කැලබුමකින් වසර 30කට පෙර රේඩියො තරංග සංඛ්‍යාතයක් හා සම්බන්දවීමට රහස් පරීක්ශකයෙකුට හා ගිනිනිවනභටයෙකුට අවස්තාව උදාවේ. එකම ස්ථානයේ එකම රේඩියෝවෙන් සම්බන්දවන මොවුන් ඥාතීත්වය අතින් පියකු හා පුතෙකුවෙයි.
1969 හා 1999 යන කාල දෙකෙයි කතාව ගොඩ නැගෙන අතර අතීතයේ සිදුවන අමිහිරි සිදුවීම් සිදුවීම් නැතිකර ගැනීමට මේ පියා හා පුතා උත්සහා කරයි. ඔවුන්ගේ උත්සාහය සාර්තක වේ දැයි දැනගැනීමටනම් ඔබට මේ සිනමාපටය නැරබිය යුතුම වෙනවා. … …
Dennis Quaid පියා ලෙසටත් James(Jim) Caviezel පුතා ලෙසටත් මෙහි චරිත නිරූපනය කරයි 
 නිරුවත් හෝ අඩනිරුවත් දර්ශන මෙම චිත්‍රපටයේ අඩංගු නොවේ මත් පැන් හා දුම් පානය කරන දර්ශන කීපයක් ඇතුලත්වන අතර පවුලේ සැමට හිඳ නැරබිය හැකි චිත්‍රපටයක් ලෙස මෙය හැන්දින්විය හැක. … …
විත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මතනින් බලන්න

Thursday, October 11, 2012

“ඇගේ කඳුළු කතාව“ Prozac Nation [2001]

සොඳුරු සුව අසපුව: දැන් පෙන්වනවා ...“ඇගේ කඳුළු කතාව“:

“මානසික අවපීඩනය“ නැත්නම් Depression මොන වගේ ලෙඩක්ද කියල ඇහැව්වොත් ...“ආ ..ඔය ඉතින් අඬ අඬා ඉන්න මොලේ අමාරුවක්නේ කියල කියාවි ..“ ඒත් ඒ චිත්‍රයට වඩා පැතුරුණු තත්ත්වයක් මේ රෝගයට ඇති බව Prozac nation චිත්‍රපටයෙන් පෙන්වනවා ..ඇත්ත එය ...ඒ නිසාමයි මේකට මානසික රෝග වල හෙම්බිරිස්සාව කියල කියන්නේ ..

 …සොඳුරු සුව අසපුවේ පලවූ සම්පූර්න කතාව මෙතනින් කියවන්න … …



මෙන්න චිත්‍රපටයේ ට්‍රේලරය 

Saturday, June 16, 2012

Obsessed [2009]

ඩෙරෙක් චාල්ස් දෙපල වෙළඳ සමාගමක ඉතා උනන්දුවකින් වැඩකරන කා‍ර්‍ය ශූර සෙවකයෙක්. 

සුන්දර දරුපවුලක් සමග සාමකාමීව දිවිගෙවන ඔහුට, ඔහුගෙ උනන්දුවත් දැඩි කැපවීමත් නිසා උසස්වීමක් ලැබෙයි. 

ඒ සමගම සුරූපී තාවකලික සහායිකාවක්ද ඔහුගෙ සහායට පැමිනෙයි. ඇය තම වසඟයට ඔහුව පොළඹවා ගැනීමට තැත් කිරීමත්, ඒ සමගම ඔහුගේ පවුල් දිවිය මෙන්ම රැකියාවද ව්‍යාකූල වන ආකාරයත්, ඔහු ඊට මුහුන දෙන ආකාරයත් මෙම සිනමාපටයෙන් ඔබට නැරඹිය හැක. … 


 Beyonce Knowles, Idris Elba සහ Ali Larter මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරයි. …

වැඩිහිටියන්ට වඩාත් සුදුසු තෙමාවක් යටතෙ නිර්මානයකර ඇති මෙම චිත්‍රපටයෙ අඩ නිරුවත් හා නිරුවත් දර්ශන කීපයක් අඩංගුය. 

 

Monday, May 7, 2012

Shame [2011]

  බ්‍රැන්ඩන් තම ලිංගික දිවිය හරියාකාරව ගලපා නොගත් නිව් යෝර්ක් වැසියෙකි. ඔහු සමග විසීමට තම තරුණ දඟකාර සොයුරිය පැමිනීමෙන් ඔහුගෙ ලෝකය තවතවත් කනපිට හැරෙයි. ඔහුට ඔහුවම පාලනය කර ගැන්මට නොහැකි වෙයි.

Sunday, May 6, 2012

The Forgotten [2004] අමතක මතක

තම නව හැවිරිදි පුතා ගුවන් අනතුරකින් අහිමිව ඒ දුක විඳිමින් සිටින මවක්. හිටි හැටියෙම ඇය අවට සිටින සැවොමගෙම දෝශාරොපනයට ලක්වන්නෙ ඇය යම් මානසික ව්‍යාකූලතාවයකට පත්ව ඇතැයි පැවසීමෙනි. ඇය සිටින්නෙ මනෝ විකාරාත්මක ලෝකයකැයි තම සැමියා පවා පවසයි. ඇය වැනිම තම දියනිය අහිමි වූ පියෙක් මුනගැහෙන ඇයට ඇගෙ ව්‍යාකූලතාවයට පිලියමක් ලබා ගත හැකිදැයි මේ චිත්‍රපටය නැරබීමෙන් ඔබට දැනගත හැක. 

Monday, April 30, 2012

Inside Man [2006]

Denzel Washington, Clive Owen and Jodie Foster හොලිවුඩයෙ සුපිරිම නලු නිලියන් රැසක් පිරිවරාගෙන නිපදවා ඇති මෙම චිත්‍රපටය අමුතුම ආකාරයකට ප්‍රෙක්ශක ඔබවෙත ඉදිරිපත් කරයි. 

කුඩා මැදිරියක් තුල සිට අයෙකු තමා අංග සම්පූර්න බැංකු කොල්ලයක් සිදුකරන ආකාරය ප්‍රෙක්ශක ඔබට නරඹන්නට ඇරයුම් කරයි.

Sunday, April 29, 2012

Nothing to Lose [1997] නැතිවන්නට දෙයක් නොමැත

Tim Robbins සහ Martin Lawrence ප්‍රධාන චරිත හොබවන මෙම චිත්‍රපටය හාස්‍යමය චිත්‍රපටි ගොන්නට අයත්වන්නකි. 

තම රැකියාව අහිමිවූ සිත් තැවුලෙන් ගෙදරට පැමිනෙන නික් බීම් (Tim Robbins) ඔහුගෙ නිදනකාමරයෙන් කායික එකතුවීමක හඩක් ඇසෙ. 

මුලු ලොකෙම උඩු යටි කර පෙනෙන ඔහුගෙ සිත් තැවුල සමනය කරගැන්මට තම වාහනයට නැගී ජීවිතයද එපා කියමින් අධිවේගයෙන් වාහනය ධාවනය කරන ඔහුගෙ වාහනයට වාහන සොරෙකු (Martin Lawrence) නැගසිටී. 

වාහනය සොරා ගනීමට සිතා සිටින ඔහුට අත්වන්නෙ නොසිතූ අවස්තාවකට මූහුන දීමටය. 

වසර ගනනාවකට පෙර නිපදවූ මෙමෙ චිත්‍රපටිය රසවිඳීමට කාලය කිසි සෙත්ම බල නොපායි. 

ඉතා සුලු අඩ නිරුවත් දර්ශන ඇතුලත් මෙම සිනමාපටය අවුරුදු 13ට අඩු ප්‍රෙක්ශකයන්ට නොපෙන්වන්නෙනම් මැනවි 

 



Thursday, April 19, 2012

What Women Want [2000]



ඔබට වෙනෙකෙකුගෙ සිතුවිලි වලට එබී බැලිය හැකිනම්, කුමකින් කුමක් වෙදැයි සිතාගත හැකිද? අද මම ඉදිරිපත් කරන චිත්‍රපටය එසේ කාන්තාවන්ගෙ සිතුවිලි වලට සවන් දිය හැකි ඉතා පොහොසත් පුද්ගලයෙකු වටා ගෙතුනක්. මුලින් තමාට වදයක් වෙන මෙම හැකියාව තමා හා සම්බන්දකම් පවත්වන කාන්තාවගෙ රුචිකත්වයට ගැලපෙන අයුරින් ගොඩනගා ගැනීමට හෙතම සමත් වෙයි. …

මෙල් ගිබ්සන් , හෙලන් හන්ට් විසින් ප්‍රදාන චරිත නිරූපනය කරන ලබන මෙම චිත්‍රපටය විනාඩි 125ක් පුරාවට …

…හාස්‍ය මුසුවුනු සිදුවීම් රැසකින් සමන්විත වුවත් අඩනිරුවත් හා නිරුවත් දර්ශනවලින් සමන්විතනිසා මෙම චිත්‍රපටය බාල වයස්කරුවන් සමග නැරබීම තරම්ක් අහිතකරවිය හැක. …



… …