Pages

Thursday, October 25, 2012

The Sleeping Dictionary [2003]



බ්දකෝශයක් අවශ්‍යවන්නේ භාශාවක් දැනගැනීමටය.භාශාව දන්නෙනම් බස හුරුවූවෝ හැසිරවිය හැකිය. ඔවුන්හා ගනුදෙනු කල හැකිය 

 බ්‍රිතාන්‍යයන්ගේ පාලනයේ ඇති කොලනියක නායකත්වය පැවරීමට එම කොලනියේ භාශාව දැන සිටින කෙනෙකු තෝරාගත යුතුය. භාශාව ඉගනගැනීමට පරිවර්තකයෙකු නැතහොත් ශබ්දකෝශයක් ලෙස සුරූපිනියක් පරිවාස විවාහයක් ලෙස තෝරාගන්නා පාලකයාට ලැබේ. 

පරිවාස විවාහය අවසන් වියයුතුවුවත් එය ආදරයකට පෙරලීමන් සියල්ල වෙනස් වෙයි.  

චිත්‍රපටයේ සාරාංශය මෙයයි Jessica Alba සලීමා නම් රූමත් ගැමි තරුනිය ලෙසත් Hugh Dancy තරුණ පාලකයා ලෙසත් රගපාන මෙම චිත්‍රපටය වැඩිහිටියන් සඳහාම වූ සුන්දර ආදර කතාවක්.

පූර්ව ප්‍රචාරක පටය මෙතනින් බලන්න












Monday, October 22, 2012

Dead Poets Society [1989]

දෙමාපිය උවමනා එපාකම් මත දරුවන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම, ඔබ අත් නොදුටු අත්දැකීමක් වන්නට නොහැකිය. දරුවන්ගේ හැකියාවන් නොහදුනාගෙන දෙමාපියන්ගේ කැමැත්තට, ඔවුන්ගේ කීර්තිය උදෙසා ජීවිතය වෙනස් කල බොහෝ දූපුතුන් ඔබ දන්නවා විය හැක. දෙමාපිය අවශ‍යතාවය පමනක් නොව පාසලේ ගුරුවර ගුරුවරියන්ගෙන්ද උවමනා එපාකම් මත ඉදිරියට යෑමට සමහර විට දරුවන්ට සිදුවේ. …

1989 වසරේ මුල් වරට තිරගතවුනු "Dead Poets Society" චිත්‍රපටය ඉහත කී එම බැමි කඩා බිඳ දමා දරුවන්ගේ හැකියාවන් ඉදිරියට ගෙන ඒමට තැත්දරන ගුරුවරයෙකු වටා ගෙතුන කතාවකි.

පාසැලට අලුතින් පත්වී එන ඉංග්‍රීසි ගුරුවරයා දෙමාපියන්ගේ කීර්තිය රැක ගැනීමේ පීඩනයෙන් මිරිකී සිටින තරුන සිසුන් පිරිසක් එම පීඩනයෙන් මුදවා ගැනීමට දරන තැත මෙම චිත්‍රපටයෙන් පෙන්වයි. 



Robin Williams ජෝන් කීටිං නම් ඉංග්‍රීසි ගුරුවරයා ලෙස ප්‍රබල රංගනයක යෙදෙන අතර Ethan Hawke,Robert Sean Leonard සෙසු චරිත රඟපායි. 1990 වසරේ හොඳම නලුවා හොඳම අධ්‍යක්ශනය හොඳම චිත්‍රපටය ලෙස ඇකඩමි සම්මාන සඳහා නිර්දෙශ වුනු අතර එම වසරේ හොඳම තිර නාටකය ලෙස Tom Schulman මෙම චිත්‍රපටය සඳහා ඇකඩමි සමාමානයෙන් පුදනු ලැබීය.
චිත්‍රපටයේ ප්‍රචාරක පටය මෙතනින් බලන්න




Friday, October 19, 2012

Frequency [2000]

අහඹු වායුගෝලීය කැලබුමකින් වසර 30කට පෙර රේඩියො තරංග සංඛ්‍යාතයක් හා සම්බන්දවීමට රහස් පරීක්ශකයෙකුට හා ගිනිනිවනභටයෙකුට අවස්තාව උදාවේ. එකම ස්ථානයේ එකම රේඩියෝවෙන් සම්බන්දවන මොවුන් ඥාතීත්වය අතින් පියකු හා පුතෙකුවෙයි.
1969 හා 1999 යන කාල දෙකෙයි කතාව ගොඩ නැගෙන අතර අතීතයේ සිදුවන අමිහිරි සිදුවීම් සිදුවීම් නැතිකර ගැනීමට මේ පියා හා පුතා උත්සහා කරයි. ඔවුන්ගේ උත්සාහය සාර්තක වේ දැයි දැනගැනීමටනම් ඔබට මේ සිනමාපටය නැරබිය යුතුම වෙනවා. … …
Dennis Quaid පියා ලෙසටත් James(Jim) Caviezel පුතා ලෙසටත් මෙහි චරිත නිරූපනය කරයි 
 නිරුවත් හෝ අඩනිරුවත් දර්ශන මෙම චිත්‍රපටයේ අඩංගු නොවේ මත් පැන් හා දුම් පානය කරන දර්ශන කීපයක් ඇතුලත්වන අතර පවුලේ සැමට හිඳ නැරබිය හැකි චිත්‍රපටයක් ලෙස මෙය හැන්දින්විය හැක. … …
විත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මතනින් බලන්න

Thursday, October 11, 2012

“ඇගේ කඳුළු කතාව“ Prozac Nation [2001]

සොඳුරු සුව අසපුව: දැන් පෙන්වනවා ...“ඇගේ කඳුළු කතාව“:

“මානසික අවපීඩනය“ නැත්නම් Depression මොන වගේ ලෙඩක්ද කියල ඇහැව්වොත් ...“ආ ..ඔය ඉතින් අඬ අඬා ඉන්න මොලේ අමාරුවක්නේ කියල කියාවි ..“ ඒත් ඒ චිත්‍රයට වඩා පැතුරුණු තත්ත්වයක් මේ රෝගයට ඇති බව Prozac nation චිත්‍රපටයෙන් පෙන්වනවා ..ඇත්ත එය ...ඒ නිසාමයි මේකට මානසික රෝග වල හෙම්බිරිස්සාව කියල කියන්නේ ..

 …සොඳුරු සුව අසපුවේ පලවූ සම්පූර්න කතාව මෙතනින් කියවන්න … …



මෙන්න චිත්‍රපටයේ ට්‍රේලරය